කුරුණෑගල අවුරුදු 15 පාසල් දැරියන් තිදෙනක්‌ හා පිරිමි දරුවන් තිදෙනක්‌ නිර්වස්‌ත්‍රව හෝටල් කාමරවල

කුරුණෑගල අවුරුදු 15 පාසල් දැරියන් තිදෙනක්‌ හා පිරිමි දරුවන් තිදෙනක්‌ නිර්වස්‌ත්‍රව හෝටල් කාමරවල
Spread the love

විදේශ සංචාරකයන් එන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වැඩිය තියෙන දකුණු පළාතටත් වැඩිය කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන 05 කින් මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වෙනවා.
 
 විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම් ව්‍යාප්ත වෙලා. වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් වැල්ලවදී පවසන ලදී.
 
 වැල්ලව පොලිසිය විසින් මැද්දේගම ‘රිච්වින්’ හෝටලයේ සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එසේ පවසන ලදී.
 
 වැඩිදුරටත් කතා කළ ඔහු පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ හෙරොයින් එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් තුන් දෙනෙක්‌ හා පිරිමි දරුවන් තුන් දෙනෙක්‌ නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි. 
 
 ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක්‌ හෙරොයින් බොන්න පුරුදු වෙලා ඒක විෂ වෙලා මාස දෙකක්‌ රෝහලේ දුක්‌ විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි.
 
 මෙම අවස්‌ථාවට වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. නිශාන්ත හේරත් මහතා ප්‍රමුඛ උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීහු රැසක්‌ ද සහභාගි වී සිටියහ.