කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්
Spread the love
අම්බලන්තොට නගරයට ආසන්නයේ මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අවන්හලකින් ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක විසින් ආහාරය සදහා ලබාගත් කොත්තු රොටියක දෙකට කැපී වෙන්වුණු ගෙම්බෙකු හසුවීමෙන් ඇය මහත් අපහසුතාවයකට පත්ව ඇත.

මේ සිද්ධිය නිසා අදාළ කාන්තාව එය දුටු වහාම අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වරයාට ද පැමිණිලි  කර ඇති අතරඒ අනුව අද පෙරවරුවේ අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යු.පී මාලක මහතා හා කොට්ටාශ මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා විසින් එම කාන්තාවද සමග ගොස් අදාළ අවන්හල පරීක්ෂා කර ඇත.

අවන්හල පරීක්ෂා කිරීමෙන් අනතුරුව හමු වූ සාධක මත අවන්හල පවත්වාගෙන යන කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේදී  ඇය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට  නියමිතව බවයි වාර්තා වේ.