කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.
ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.
කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.