කොරෝනා මාරයාට එරෙහි සටනට තවත් සාර්ථක එන්නතක් එයි

කොරෝනා මාරයාට එරෙහි සටනට තවත් සාර්ථක එන්නතක් එයි
Spread the love

කොවිඩ්-19 වසංගතයට අභියෝගයක් එල්ල කිරීම සදහා වන සටනේ තවත් ජයග්‍රාහී පියවරක් එක්සත් රාජධානියෙන් අද (23) වාර්තා වුණ. ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව නිල වශයෙන් නිවේදනය කිරීම සමගයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධ මෙම නිල ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුවයි.

මේ වන විට 95%ක සාර්ථකත්වයකට හිමිකම් කියන ඇමෙරිකානු එන්නත් නිෂ්පාදකයින් දෙනා වන ‘ෆයිසර් සහ මෝඩර්නා‘ ට තරගයක් දීමට මෙමගින් අවස්ථාව උදාවන බව විශේෂඥයින්ගේ අදහසයි.
  
‘ ඔක්ස්ෆර්ඩ් එන්නත ජයග්‍රහණයක් සේම බලාපොරොත්තු සුන්වීමක් ලෙසද අර්ථ දැක්විය හැකියි. මොකද ඒවා 95%ක සාර්ථකත්වයක් වාර්තා කරනවා. නමුත් අනෙක් එන්නත් හා සාපේක්ෂව ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩුයි. එසේම පහසුවෙන් ගබඩා කළ හැකියි. එසේම ලොව ඕනෑම තැනකට පහසුවෙන් මෙම එන්නත් තොග ප්‍රවාහනය කළ හැකිවීම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි‘ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
 
‘සටන තවම අවසන් නැහැ. එය නියාමන ආයතන විසින් අනුමත කළ යුතුයි. නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා‘

එංගලන්තය මේවනවිට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින්ට මෙම එන්නත නිපදවීම සදහා මාස 10ක කාලයක් ගත වූ අතර අවස්ථා කිහිපයකදීම බරපතළ පසුබෑම් ඇති වී තිබෙනවා. සරසවිය ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලිය ට වසර 10ක් පමණ ගත වන බවයි.