COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. COVID-19 වසංගතය තුළ මව්කිරි දීම පිළිබඳව සමාලෝචනය කර ඇති සියලුම පර්යේෂණ හා සාක්ෂි වලින්, (WHO, යුනිසෙෆ් සහ අනෙකුත් ගෝලීය සංවිධාන) මව්කිරි දීම, මව සහ දරුවා එකම කාමරයක වාසය කිරීම, දරුවා වඩා ගැනීම ආදි සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස මවුවරුන්ට නිර්දේශ කර ඇත.
මාතෘ COVID තත්ත්වය, එනම් මවට කොවිඩ් ආසාදනය වී තිබේද යන්න ගැන නොසලකා නිසි පූර්වාරක්ෂාවන් සමඟ. මව සහ දරුවා එකට ජීවත්වීම දරුවාට වඩාත් සුවපහසුවක් (දරුවාගේ වඩා හොඳ උෂ්ණත්ව පාලනයක්),මවට ඇති ආතතිය අඩු කිරීමට සහ සාර්ථක මව්කිරි දීම සඳහා උපකාරී වේ.
COVID-19 වසංගතය තුළ ළදරු කිරි ආදේශක සහ කෘත්‍රීම ආහාර ප්‍රවර්ධනය කිරීම හා බෙදා හැරීම හානිකර වන අතර එය හෙළා දැකිය යුතුය.

COVID-19 සහ මව්කිරි දීම පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට මගේ පිළිතුරු මෙන්න
1. COVID-19 මව්කිරි හරහා ගමන් කළ හැකිද?
නැත. මව්කිරි මගින් COVID වෛරසය ආසාදනය වන බව මෙතෙක් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී නොමැත. (සීමිත සාක්ෂි කිහිපයක් සොයාගෙන ඇති අතර එය ළදරුවා තුළ ආසාදන ඇති කළ හැකි ශක්‍ය හා ආසාදිත වෛරසයක් සොයා ගැනීමට සමාන නොවේ) එබැවින් මව COVID ධනාත්මක බව අනාවරණය වුව ද මව්කිරි දීම නැවැත්වීමට හේතුවක් නැත.
COVID-19 හා සම්බන්ධ සම්ප්‍රේෂණය හා රෝගාබාධවල අවදානම මව්කිරි දීමේ ප්‍රතිලාභ ඉක්මවා යයි.
2. සැක සහිත හෝ තහවුරු කරන ලද COVID-19 සහිත කාන්තාවන් ආරක්ෂිතව මව්කිරි දෙන්නේ කෙසේද?
වෛරසය මව්කිරි හරහා ආසාදනය නොවුණ ද ශ්වසන ජල බිඳිති / ස්පර්ශය හරහා පැතිරීමේ අවස්ථාවක් තිබේ. ආසාදන වැළැක්වීම සහ පාලන පියවරයන් නිරීක්ෂණය කළ හොත් එය අවම කර ගත හැකිය:
සබන් හා ජලය සමග නිතර අත් සෝදන්න නැතිනම් මත්පැන් මත පදනම් වූ දියරයක් භාවිතා කරන්න. දරුවා ස්පර්ශ කිරීමට පෙර අත් හොදින් සබන් ගා සෝදා ගන්න. මව්කිරි දීම ඇතුළුව ළදරුවා සමඟ පවත්වන ඕනෑම සම්බන්ධතාවයකදී වෛද්‍ය මුහුණු ආරණයක් පැළඳ ගන්න. මව ස්පර්ශ කළ පෘෂ්ඨයන් නිතරම විෂබීජහරණය කරන්න.
3. COVID-19 වසංගතය අතරතුර මව්කිරි දීම වැදගත් වන්නේ ඇයි?
මවට නිරාවරණය වන ආසාදනයට විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවී සාධක, සයිටොකයින මව්කිරි වල අඩංගු වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ආසාදනය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ මව්වරුන්ගේ මව්කිරි තුළ COVID-19 වෛරසයට විශේෂිත ස්‍රාවය වන ප්‍රතිදේහවල ප්‍රබල ප්‍රකාශනයක් ඇති බවයි.
උපතින් පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කිරීමට මව්වරුන්ට සහාය විය යුතු අතර, දරුවාට වයස මාස හයක් වන තුරු මව්කිරි දීම පමණක් කළ යුතුය. පසුව වයසට ගැළපෙන අනුපූරක ආහාර සැපයීම ආරම්භ කළ යුතු අතර, දරුවාට වයස අවුරුදු දෙකක් වන තුරු මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය. .

4. මව්කිරි දීමට මව / ළදරුවා අසනීප නම් කුමක් කළ යුතුද?
මෙහිදී ගත හැකි හොදම පියවර වන්නේ කාමර ගත කිරීම, එනම්, ළදරුවා සහ මව එකම කාමරයක, එකිනෙකාට යාබදව, කැපවූ COVID පශ්චාත් ප්‍රසව වාට්ටුවක, විශේෂිත හා බාධාවකින් තොරව මව්කිරි දීම සහතික කිරීමයි. COVID ධනාත්මක, නමුත් බරපතල ලෙස රෝගාතුර නොවූ මව්වරුන් සදහා මෙය ක්‍රියාත්මක කළ හැකිය.
කෙසේ වෙතත්, මව සහ දරුවා වෙන් කළ යුතු අවස්ථාවන්හිදී, මවට දැඩි සත්කාර අවශ්‍ය වේ නම්, ඊළඟ හොඳම විකල්පය වනුයේ ප්‍රකාශිත මව්කිරි භාවිතා කිරීමයි (මවගෙන් දොවාගත් කිරි හැන්දක ආධාරයෙන් දරුවා පෙවීම කළ යුතුය).
ළදරුවා වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න නම් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය නොවන්නේ නම්, මවගෙන් දොවාගත් මගින් ළදරුවා පෝෂණය කළ යුතුය. මවගෙන් දොවාගත් මව්කිරි දීමට මවට නොහැකි නම් හෝ නොමැති නම්, වෙනත් මවකගෙන් ලබා ගත් මවුකිරි ලබාදීම වඩාත් සුදුසුය.
ළදරුවන් තුළ COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු ය. ආසාදනය සාමාන්‍යයෙන් මෘදු වන අතර ඉහත විස්තර කර ඇති පරිදි සුදුසු පූර්වාරක්ෂාවන් මගින් එය වළක්වා ගත හැකිය.
අනෙක් අතට, මව්කිරි ලබා නොදීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර, මව්කිරි වලින් ආරක්ෂා වන අනෙකුත් සියලුම ආසාදන වලට ළදරුවා අවදානමට ලක්විය හැකිය, විශේෂයෙන් සෞඛ්‍ය හා ප්‍රජා සේවා කඩාකප්පල් වන සහ / හෝ සීමිත කාලයක මෙය බරපතළ ගැටලුවක්, අවදානමක් විය හැකිය.
femina.in ඇසුරිනි – සකස් කළේ – තුෂාර වල්ගම