චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “YICAI” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව Covid- 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා.


එම සමික්ෂණය අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත්වු ප්රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.
මෙහිදී කාණ්ඩ 06ක් යටතේ අදාළ ලකුණු ලබාදීමක් සිදුකර ඇති අතර රටවල් 108ක් සමීක්ෂණයට ලක්කර තිබෙනවා.


