කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩුවේ

කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩුවේ
Spread the love

කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිළධාරී විපුල ධර්මවර්ධන  මහතා කියයි. ඔහු පවසනුයේ 2015 වසරේ සිදුකළ සුනඛ සමීක්ෂණයකට සාපේක්ෂව ‍මෙම අඩු වීම වාර්තා වී ඇති බවයි. පසුගිය කාලයේ කොළඹ මහ නගර සභා සීමාවේ සුනඛයින් වන්ධ්‍යාකරණයට ලක් කිරිම මත මෙම අඩුවීම සිදුව ඇතැයි ඔහු පවසයි.

2013 වසරේ කොළඹ පැවති චෝගම්සමුළුව මුල් කොට මහ නගර සීමාවේ සිටි සුනඛයින් විශාල පිරිසක් මරා දැමුණු බවට සත්ව හිමිකම් සංවිධාන මඟින් රජයට චෝදනා එල්ල කළ අතර  ඉන්පසුව එවැනි සිදුවීමක්  වාර්තා වී නොතිබිණ.