කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු පැන ගිය ආකාරයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී නොමැති අතර කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති මෙම සැකකරු කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී සිටියේ කලුතර විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමට ඇති බැවිනි.
ඒ අනුව පෙරේදා (20) එම නඩුව විභාග වී ඇති අතර නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව සොයා බැලීමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති අතර ඒ අනුව සැකකරු අතුරුදහන් වී ඇත්තේ කුමණ ස්ථානයකින්දැයි මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තාවේ.
මීට මාස 6කට පමණ පෙර රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරු අතඅඩංගුවට ගෙන තිබූ බවත් ඒ හොරණ ප්‍රදේශයේ සැඟව සිටියදී බවත් මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වි ඇත.
බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව සැකකරු පැණ ගියේ කෙසේදැයි මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර කලුතර බන්ධනාගාරය වෙත මාරු කරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ලෙසින් වෙස් වලාගෙන ව්‍යාජ බන්ධනාගාර රථයකින් පැමිණි පිරිසක් සැකකරු මුදාගෙන ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ. සැකකරු කලුතර බන්ධනාගාරයට මාරු කළ ලිඛිත තොරතුරුද සඳහන් නොවන බවද පැවසේ.
මෙලෙස මුදාගෙන ඇත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙව් හා සිද්දික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකරු මුලින්ම කලුතර බන්ධනාගාරයේද රඳවා සිට ඇති අතර එහිදී ද රුපියල් කෝටි 05ක් ලබා දී බන්ධනාගාරයෙන් පලා යෑමට සැළසුම් කර තිබූ බවද පසුව හෙළි වී ඇත.