එජා.ප අභ්‍යන්තර සීතල අරගලය අවසන්වී ගෙන ආවද “අලියාද – හදවතද” යන කඹ ඇදිල්ල හේතුවෙන් යළිත් යම් ව්‍යාකූලතාවක් ඇරඹි තිබේ.
එ.ජා.ප නායකයා දිනපතාම සිරිකොතට යන අතර ආරවුල විසදා එක්ව මහ මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය පියවර රැසක්ද මේ වන විට ගෙන තිබේ. විවිධ කණ්ඩායම් හා සාකච්ඡා කිරීම මෙන්ම නාම යෝජනා කැඳවීමට අදාළ කටයුතු ද අරඹා තිබේ.
සජිත් ඇතුළු පිරිසද නව සංධානයට අදාළ නිල දැනුම්දීඹ මැතිවරණ කොමිසමට මේ වනවිට යවා කොමිසම විසින් එය පිළිගත් බවටද පිළිතුරු ලැබී තිබේ. එහෙත් එම නව සන්ධානයේ නම ඉංග්‍රීසියට පෙරලූවිට අදාළ වචනවල මුලකුරුවල එකතුව UNP ලෙස කියවෙන නිසා එකී යෝජිත නම ඔවුන්ට ලබාදීම තුළ එ.ජා.ප ට අසාධාරණයක් විය හැකි බව එ.ජා.ප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර කොමිසමට දැන්වීමත් සමඟ කොමිසමද අලුත් ගැටළුවකට මුහුණ පා තිබේ.
එ.ජා.ප නායකයා සිරිකොතට පැමිණි පසු එ.ජා.ප යේ හා එ.ජා.පෙ විවිධ පක්ෂවල අය සමග නිරන්තර කතාබහ ද සිදුවේ.
“නව සන්ධානයට හා විපක්ෂ නායකතුමාට එහි නායකත්වයත් නාමයෝජනා මණ්ඩලයේ ප්‍රධානත්වයත් ලබා දුන්න නිසා ඡන්දය ඉල්ලන “ලකුණ” ගැන කඹ අදින එක අසාධාරණයි නේද? අලියාගෙන්ම යා යුතු නම් එම ලාංඡනයේ අධිකාරීත්වය නව සන්ධානයට පවරන්න” ජේ.සි අලවතුවල එ.ජා.ප නායකයාට සෘජුවම කීවේය.
“එ.ජා.ප යේ අලියා දශක ගණනක් එ.ජා.ප යට තියෙන අනන්‍යතාවක්. ඒක වෙනත් පක්ෂයකට පවරන්න පාක්ෂිකයෝ කැමති වෙන්නේ නෑ. අපි හැමදාම මහා ඡන්දවලට ගියෙත් අලියාගෙන්.” නායකයා ජේ.සි අලවතුවලට පිළිතුරු දුන්නේ ඔහුගේ මතවාදි අරගල මධ්‍යයේය.
“කඹ ඇදිලි ඔඩු ගිහින් විපක්ෂනායකතුමා හා ඒ කණ්ඩායම වෙනම ඉල්ලුවොත් මේ පිරිහුණු ආණ්ඩුවට බන්දේසියක තියලා ජයග්‍රහණය දීමයි වෙන්නේ.” චම්පිකා ප්‍රේමදාස සිය ස්ථාවරය එළි දැක්වූයේ දැඩි ස්වරයෙනි.
“එ.ජා.ප යෙන් කාටවත් කඩාගෙන යන්න තල්ලු කරන්නේ නෑ. කඩාගෙන ගිය අයගෙන් ශ්‍රීලනිපය හදලා ගොඩ ගියේ බණ්ඩාරනායක මහතා විතරයි.” නායකයාගේ විග්‍රහය එය විය.
“මහින්ද පරණ විදියටම ප්ලේන් පුරවලා ආපහු පිටරට ට්‍රිප් යනවා. ගිහින් රටේ ගෞරවයත් හෑල්ලු කරලායි එන්නේ. වසර 3 කට ණය ගෙවන්න බෑ. ලංකාව දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වෙලා කියලා ඉන්දියාවට කියපු එක රටේ ගෙළ සිද දැමීමක්. ණය ගෙවන්න බැරි රටකට මීට පස්සේ ගිනි පොලියටවත් ණය ලැබෙන්නේ නෑ. ආයෝජකයෝ එන්නෙත් නෑ. කොටස් වෙළෙද පොලත් කඩාගෙන වැටේවි.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.
“නැති බැරි කෙනෙක් ආවහම කන්න බොන්න දීලා වාහනයෙන් ගෙදර බැස්සීමේ ක්‍රමයක් තියෙනවා. අපේ අගමැතිතුමාට ඉන්දියාවෙදිත් වුනේත් ඒකයි. අපිට ගුවන් සේවයක් තියෙද්දිත් ඉන්දියානු ගුවන් යානයක් ඉල්ලගෙන ආපහු පැමිණිම රටේ ගෞරවයට කරපු හානියක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි.” කේ.කේ පියදාස කීවේ එවැන්නකි.
“එයාර් බස් ගණුදෙනුව 2013 දී සාකච්ඡා කරලා තියෙන්නේ එවකට කථානායකගේ නිල නිවසේදියි. ජ.වි.පෙ ඒක මතු කිරීමත් එක්ක රාජපක්ෂවරු තැති ගත්තා.” චම්පිකා ප්‍රේමදාස කීවේය.
“ලෝක තෙල් මිල ඩොලර් 50 සීමාවට අඩුවෙලා. අපේ මිල සුත්‍රය තිබුණා නම් ඉන්ධන මිල රුපියල් 15 කින්වත් දැන් අඩු වෙන්න ඕනේ. ඒත් මහ මැතිවරණය මැද පොඩ්ඩක් අඩු කරලා ඡන්දේ දිනුවොත් දෙගුණයක් වැඩි කරන්න ආණ්ඩුව ප්ලෑන් ගහලා කියලා ආරංචියි.” දයා ගමගේ කී දේ සියළු දෙනා පිළිගත්හ.
“එ.ජා.ප කාලේ කෝටි 280 ක වාහන ගෙන්නලා කියලා ලෝක හොරෙක් හා එතනෝල් කාරයෙක් මරහඩ දුන්නා. ඒ ගෙනාපු වාහන බදු ගෙවලායි අපේ කාලේ ගෙනාවේ. ඒ නිසා කෝටි 280 න් තුනෙන් පංගුවයි ආණ්ඩුවට ඇත්තටම වැය වෙලා තියෙන්නේ.” චම්පිකා ප්‍රේමදාස කීවේය.
“අපේ කාලේ ගෙනාපු වාහන මේ ආණ්ඩුවේ ඇමතිවරු පදින්නේ නැතුව වෙන්දේසි කරනවාද කියලා රටට කියන්න ඕනේ. රාජපක්ෂ යුගයේ චෝගම් සමුළුවට වෙඩි නොවදින වාහන 350 ක් ගෙන්නුවේ කෝටි 20 000 කට වැඩි මුදලක් වියදම් කරලායි. ඒ වාහනවලට වුනේ මොකද කියලාවත් පාර්ලිමේන්තුවේ දගලපු ඇමතිවරයා රටට හෙළි කරන්න ඕනේ.” කේ.කේ පියදාස කීවේ සිනා මැදය.