ඉන්දිය සංචාරය නිමවා මහින්ද යළි මෙරටට ආවේ අඟහරුවාදාය. මහින්ද පිළිගැනීමට ප්‍රසන්න ගුවන්තොටුපොළට ගොස් සිටියේය. ගුවන්තොටුපලේදි සංචාරයේ නිරතව ලංකාවට පැමිනි පිරිසට තේ කෝප්පයකින් සංග්‍රා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය.
තේ පානය අතුරතුර ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට ලක් වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. ඉදිරියේ දී පැවැත්වීම නියමිත මහ මැතිවරණය මෙන්ම ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි.
“ඔබතුමා මේ ඡන්දෙට ගම්පහින් තරග කළොත් හොඳයි“ ප්‍රසන්න කීවේය.
“මම මොකටද , ඔයා ඉන්නවනේ ගම්පහට. ඒ ඇති“ මහින්ද පැවසීය.
“මම ඔබතුමාට ගම්පහින් තරග කරන්න කියලා ඉල්ලන්නේ විශේෂ හේතුවක් නිසයි. මට ඕනේ වෙලා තියෙනවා ඉතිහාසයේ වැඩිම මනාපවලින් පාර්ලිමේන්තු ගිය අගමැතිවරයා විදියට ඔබතුමාට ගෞරවයක් අරන් දෙන්න. ඒකට හොඳම දිස්ත්‍රික්කය තමයි ගම්පහ“ ප්‍රසන්න පැහැදිලි කළේය.
“අපි බලමුකෝ“ මහින්ද උත්තර දුන්නේය.
“ඒ වගේම සර් මේ පාර අපි ඉල්ලන්න ඕනේ පොහොට්ටුවෙන්. පොහොට්ටුව තමයි අපේ ජයග්‍රහණයේ සංකේතය. ඒක වෙනස් කළොත් අපිට අවාසියි“ ප්‍රසන්න පැවසීය.
“ඔව් ඒක නම් ඇත්ත. පොහොට්ටුව නිසා තමයි අපි නැගිට්ටේ. අපි බලමුකෝ ප්‍රසන්න අනික් අයත් එක්කත් කතා කරලා“ මහින්ද උත්තර දුන්නේය.

මෛත‍්‍රී – ප‍්‍රසන්න සංග‍්‍රාමය ගැන කතාබහක්
පසුගිය සතියේ දිනයක ප්‍රසන්න, පියල්, රොෂාන් ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී මහින්ද හමු වීමෙන් අනතුරුව සුහද කතාබහක නියැලෙමින් සිටියහ. එහිදී සාකච්ඡාවට ලක් වූයේ මෛත්‍රිට එරෙහිව ප්‍රසන්න ගෙනයන විරෝධතාව ගැනය.
“මොකද ඇමැතිතුමා අර මෛත්‍රිපාල මහත්තයාට විරුද්ධව යුද ප්‍රකාශ කරලා තියෙන්නේ“ පියල් කතාවට මුල පිරුවේ එසේය.
“ඇයි ඉතින් නරකද? මම එදා ඉඳන් ඉන්නේ කාව විශ්වාස කළත් මෛත්‍රි විශ්වාස කරන්න බැහැ කියන මතයෙයි. එක වචනයක් නැති ඒ වගේ කෙනෙක් මම දැකලා නැහැ. අනික අපේ රට අද මුහුණපාලා තියෙන තත්ත්වයට කාටත් වඩා වගකියන්න ඕනේ මෛත්‍රිපාලයි. ඒ නිසා මම නම් එතුමා අපේ පැත්තට එනවට කැමැති නැහැ“ ප්‍රසන්න පැවසීය.
“ඒක හරි මමත් කැමැති නැහැ මෛත්‍රිපාල එනවට. පොළොන්නරුවේ කෙනෙක් විදියට මම දන්නවා මෛත්‍රිපාලට පොලොන්නරුවේ ජනතාව ඡන්දය දෙන්නවත් කැමැති නැහැ කියලා“ රොෂාන් කීවේය.
“අපිට තියෙන ඡන්දත් නැති වෙනවා උන්නැහේ එක්ක ඡන්දෙට ගියොත්. අනික අපේ ලකුණ වෙන්න ඕනේ පොහොට්ටුවයි. පුටුවෙන් අතෙන් ඉල්ලන්න තරම් අපිට පිස්සුවක් නැහැ“ ප්‍රසන්න පැවසීය.
“ඒ වුණාට දයාසිරිලා එහෙම කියන්නේ ජනාධිපතිවරණයේ දී පුටුවෙන් ඉල්ලන්න එකඟ වුණා කියලා“ පියල් ඇසුවේය.
“මොන පිස්සුද? කොහෙද එහෙම ගිවිසුමක් තියෙන්නේ. මම ස්ථිරවම කියන්නේ කොහෙදිවත් එහෙම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අත්සන් කරලා තියෙනවා නම් පෙන්නන්න කියලත් මම අභියෝග කරනවා“ ප්‍රසන්න අවධාරණය කළේය..
චමල්ගේ කාලීන යෝජනාවට කැබිනට් අනුමැතිය
පසුගිය බදාදා කැබිනට් රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ බඩුමිල සම්බන්ධයෙනි. බඩුමිල ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින අසීරුතාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් අදහස් දැක්වූහ. එම නිසා බඩුමිල පහත දැමීමේ වැඩපිළිවෙළක් සැකසීමට නිලධාරීන් දැනුවත් කිරීමට තීරණය කෙරුණු අතර ඇමැතිවරුන්ගේ මැදිහත්වීමත් ඊට අවශ්‍ය බව අවධාරණය කෙරිණි.
සහල් මිල සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු අතර සහල් මිල සම්බන්ධ ගැටලුවට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පසුගිය රජය සහල් අතිරික්තයක් පවත්වාගෙන නොයාම බව චමල් පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේ දී අස්වනු මිල දී ගැනීමෙන් අනතුරුව සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමත් හදිසි අවස්ථාවල දී එය වෙළෙඳ පොළට නිකුත් කර සහල් මිල පාලනය කිරීම සම්බන්ධවත් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විමල් ආයෙත් බදිනවාද
පසුගිය බදාදා ඇමති විමල් වීරවංශගේ ලේකම් වරයෙකු මහින්ද හමුවට ආවේය. ඔහුගේ අතේ ඉතා අලංකාර ආරාධනා පත්‍රයක් විය. ඔහු මහින්ද අසලට ගොස් ආරාධනා පත්‍රය දුන්නේය. අසල සිටි අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකු මහින්දට කිවේ.
”සර් මේ විමල් ඇමතිතුමාගේ ඉන්විටේෂන් එක කියාය.
ආරාධනා පත්‍රය අතට ගත් මහින්ද ‘‘ආ මොකක්ද මේ ආරාධනාව විමල් ආයෙත් බදිනවාද” යැයි ඇසුවේය.
විමල්ගේ ලේකම් වරයාට කටඋත්තර නැති විය. ඔහු ලැජ්ජාවෙන් ඇබරෙද්දී අගමැති ලේකම් වරයා කීවේ.
”නෑ නෑ සර් විමල් ඇමතිතුමාගේ දේශපාලන ජීවිතයට අවුරුදු 20 පිරෙනවානේ ඒකයි.
‘‘නෑ ඉතින් මට මේ ආරාධනාව දැක්කම හිතුනෙම විමල් ආපහු බදින්න යානවද කියලාමයි. දැන් වෙන්නෙම ඉතින් ඒ වගේ දෙවල් නේ. මහින්ද සිනාසෙමින් කිවේය.