ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්
Spread the love

මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක් ලැබි ඇති බව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව පවසයි.

2018 ජනවාරි 1දා සිට මැයි මස 31 දින දක්වා ලැබි ඇති මෙම පැමිණිලිවලින් 264කට විසඳුම් ලබාදී ඇති තර පැමිණිලි 361කට විසඳුම් ලබාදීමට නියමිත බවද එම කොමිසම පවසයි.

මෙහිදී වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබි ඇත්තේ ‍පොලීසිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. ඒ පැමිණිලි 237ක් වශයෙනි. බලය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 173ක්, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවැරීම් 42ක්, පහරදීම් 15ක්, වධහිංසා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීම් 5ක්, ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 2ක්, අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, වෙනත් පැමිණිලි 45ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබේ.