ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි… වැල්ලවායෙන් සුපිරි වැඩක්..!

ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි…  වැල්ලවායෙන් සුපිරි වැඩක්..!
Spread the love

වසර පහකට අධික කාලයක් ගව මස් අලෙවි නොකළ වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් ගව මස්කඩය 2018 වර්ෂය සඳහා ටෙන්ඩර් නොකිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ. මේ බවට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මාධ්‍යයට පැවසුවේය.

මේ මස්කඩය සඳහා 2013 වසරේ සිට 2016 වසර දක්වා ටෙන්ඩරයෙන් ලබාගත් ගැනුම්කරුවන් එහි මස් අලෙවියක් නොකර ප්‍රදේශයේ ගව ඝාතනයට තිත තබමින් වසා දමා තිබිණි. ඒ සඳහා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ වන්නිආරච්චි  හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මූලිකත්වය ගෙන තිබු අතර අතර ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් හා විශාල පිරිසකගේ දායකත්වය ලැබිණි.

ඒ අනුව නව සභාවේ දෙවැනි රැස්වීම් වාරයේදී මේ සම්බන්ධ නව සභාපති ආර්.ඩී. හරමානිස් මහතා සභාවට ඉදිරිපත් කළ අතර මේ මස් කඩය ටෙන්ඩර් නොකිරීම සම්බන්ධයෙන් වූ යෝජනා පොදුජන නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් හේමන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සුනිල් ඩී. ආනන්ද මහතා හා ස්වාධීන මන්ත්‍රි යූ.එස්.පී. බණ්ඩාර යන සභිකයන් විසින් ස්ථිර කරන ලදී.

මේ අනුව එලබෙන වසරේද වැල්ලවායේ ගව මස් කඩය වසා තැබෙනු ඇත.