ගාල්ලේ උද්‍යානයක ‌ජ‌ෝඩුව පෙම්සුව විදිද්දී ‌ක‌ොල්ලග‌ේ යතුරුපැදියට විදලා… ඇත්ත කතාව ම‌ෙන්න….

ගාල්ලේ උද්‍යානයක ‌ජ‌ෝඩුව පෙම්සුව විදිද්දී ‌ක‌ොල්ලග‌ේ යතුරුපැදියට විදලා… ඇත්ත කතාව ම‌ෙන්න….
Spread the love

යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස්‌ ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

පෙම්වතා මොරටුව ජර්මන් ටෙක්‌ ආයතනයේ පාඨමාලාවක්‌ හදාරමින් සිටින සිසුවෙක්. ඔහු තමාට අයත් යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පළමු ගේට්‌ටුව අසල යතුරුපැදිය නතරකොට එහි හැඬලය ලොග්කොට තම පෙම්වතිය සමග ධර්මපාල උද්‍යානයට ගොස්‌ තිබෙනවා. ධර්මපාල උද්‍යානයේ සිට දහවල් 12.40 ට පමණ ගෙදර යැම සඳහා පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබී නැත.

මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. මෙම යතුරුපැදිය 2016 වර්ෂයේදී මිලදීගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් දෙලක්‍ෂ හැටපන්දහසක්‌ පමණ වන බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.