ගාල්ල බිරාන්ත කල ටොනේඩෝ වීඩියෝව මෙන්න… අද හෙට කාලගුණය දරුණු බවට අනාවැකියක්…

ගාල්ල බිරාන්ත කල ටොනේඩෝ වීඩියෝව මෙන්න… අද හෙට කාලගුණය දරුණු බවට අනාවැකියක්…
Spread the love
ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයට ආසන්න මුහුදේ  (19) විශාල ටොනේඩෝ තත්වයක් ඇතිවුනා. අප වාර්තාකරු සදහන් කර සිටියේ සවස 5:45 ට පමණ ඇතිවු මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවති බවයි.

මෙම ටොනේඩෝ තත්වය ඇතිවිමත් සමග මුහුදින් විශාල ජල කඳක් ඉහලට යන ආකාරය ඔවුන් සියැසින් දැක තිබෙන අතර ප්‍රදේශයේ මද සුළං තත්වයක්ද පැවති බව ඔවුන් කියා සිටිනවා.

අප වාර්තාකරු සදහන් කර සිටියේ මිට පෙර මෙවැනි ආකාරයේ විශාල ටොනේඩෝවක් ගාල්ල ප්‍රදේශවාසින් දැක නොමැති බවයි.

දිවයිනට නිරිත දෙසින් පවතින වළාකුළු පද්ධතිය සක්‍රීය විම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ධිවරයින් හට අනතුරු ඇගවිමක් නිකුත් කර සිටිනවා.

මෙලෙස වළාකුළු පද්ධතියේ හදිසි සක්‍රීයත්වය හේතුවෙන් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් වලට ඉදිරි පැය කිහිපයේදී තද වැසි බලාපොරොත්තු වන අතර  සුළං වේගය පැයට කිලෝමිටර් 70-80 ත්  ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කර සිටින්නේ.

මෙම කාලගුණ තත්වය නිසා නොගැඹුරු හා ගැඹුරු මුහුදේ ධිවර හා නාවික කටයුතුවල යෙදි සිටින පුද්ගලයින් දැඩ් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යකෂක ප්‍රදීප් කොඩ්ප්පිලි සදහන් කර සිටිනවා.