විශාල මිනිස් සංහාරයක් සිදු කරමින් ඇති වුනු ගාසා තීරයේ ගැටුම් තව දුරටත් එලෙසින්ම පවතිනවා. එහිදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා තිබුනා. මෙම ගැටුම් හටගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් ජෙරුසලමේ පිහිටුවීමට යන බවට කල ප්‍රකාශයත් සමඟයි.
ඒ අනුව මේ සඳහා විරෝධය පලකරමින් සිටි පලස්තීනුවන්ට ඩ්‍රෝනා යත්‍රා මගින් කඳුලු ගෑස් එල්ල කිරීමටද කටයුතු කර තිබුනා. දෙවන ලෝක යුද්ධය සිහිපත් කරමින් ඇතිවුනු මෙම දරුණු තත්වයේ වීඩියෝ සහ ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් පවතිනවා.