පසුගියදා මෙරට ගෑස් සමාගම් 2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ගෑස් සමාගම් කළ අදාළ ඉල්ලීම සලකා බලා ඇති අතර එහිදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි පවතින වෙනස්කම් හා මෙරට ගෑස් වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.