චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.