ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බවත් එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසා ඇත.
ලබන 26 වනදා 37 වන සැසිවාරය ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත බැවින් අදාළ විවාදය ලබන මාර්තු 16 වනදා සිට 21 වනදා දක්වා යෙදී ඇති අතර ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වෙනස් කම් හා වත්මන් තත්ත්වයන් පිළිබඳව 16 වනදා විවාදයට ගැනීමට නියමිත ඇති බව සඳහන් වේ.
එමෙන්ම 21 වනදා පැවැත්වෙන විවාදයේ දී මානව හිමිකම් කවුන්සිලය විසින් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාර හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමටත් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් විසින් ඒ පිළිබඳව වාචික පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය විසන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වර්ධනය කිරිම හා සිදුවූ බවට කියන මානව හිමිකම් කඩවීම් නිවැරදි කර ගැනීම සඳහා මෙන්ම වගවීමේ ක්‍රියාවලීය ශක්තිමත් කිරිම වෙනුවෙන් වසර 2ක කාලයක් ලබාදී තිබු අතර මේ වන විට ඉන් වසරක් ගතවී ඇති බැවින් මෙම ප්‍රගති සමාලෝචනය සිදුකිරිමටත් නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි සංහිඳියාව හා වගවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකර නොමැති බවටයි චෝදනා එල්ල වී ඇති අති අතර මෙම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇති බව විශ්ලේෂකයින් පෙනවා දී ඇත.