ජනපතිගේ ලේකම්වරයකු බව කියමින් ඉඩම් කොල්ලකන ජයසේකර සොයා පරික්ෂණ…

ජනපතිගේ ලේකම්වරයකු බව කියමින් ඉඩම් කොල්ලකන ජයසේකර සොයා පරික්ෂණ…
Spread the love
විදෙස්ගතව සිටින පුද්ගලයන්ගේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ යෙදෙන ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියමින් බොරු පතුරන පුද්ගලයෙකු පිළිබඳව පොලිස් මුලස්ථානය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නාවල ප්‍රදේශයේ පර්චස් 160ක ඉඩමක් අත්කර ගැනීමට උත්සාහ දැරීමේදී ඔහු පිළිබඳව තොරතුරු ලැබුණු බවයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ. නාවල,ඇතුල් කෝට්ටේ සහ පිටකෝට්ටේ වැනි ප්‍රදේශවල ඉඩම් කිහිපයක් ව්‍යාජ ලෙස ඔහු අලෙවි කර ඇති අතර රජයට හිමිවිය යුතු මුද්දර ගාස්තු සඳහා ද මෙම පුද්ගලයා වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

රංජිත් ජයසේකර යන නම සහ තවත් නම් කිහිපයකින්ම පෙනී සිටි මෙම පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පත් තුනක් භාවිතා කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.