ජන සෙත සදන්න විරෝධාර ත්‍රිවිධ හමුදා තවදුරටත් සහන මෙහෙයුම් වල

Spread the love

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 සහ 142 බලසේනාවන්, 581, 582 හා 583 බලසේනාවන්, පුහුණු මධ්‍යස්ථාන, නාවික සහ ගුවන් හමුදාවේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවදුරටත් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.

මේ අතර, 58 වන සේනාංකයේ සහ 14 වන සේනාංකයට අයත් භට පිරිස් කලවාන, නාගොඩ, බද්දේගම, අකුරැස්ස, මාතර, මොරවක ආදීප්‍රදේශයන්හි බෝට්ටු 23 ක් යොදා ගනිමින් විපතට පත් වුවන් සඳහා සහන සේවාවන් හී නිරතව සිටින අතර, පාහියන්ගල, රත්නපුර, අකුරැස්ස, කඹුරුපිටිය, පිටබැද්දර යන ප්‍රදේශයන්හි BTR රථ 13ක් සහWMZ රථ 18 ක්, බෆල් රථ 18 ක්, Iron horsesරථ 12 ක් සහ රිකවරි වාහන යොදා ගනිමින් සහන කටයුතු වල නිරතව සිටියි.

මේ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ සන්නහ සන්නද්ධ බලසේනාව, ඉංජිනේරු බලසේනාව, යාන්ත්‍රික පාබල බලසේනාව, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, ගුවන් සංග්‍රමික බලසේනාව සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භට පිරිස් බදාදා (31) වන දින බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් විපතට පත් ප්‍රදේශයන්හි සහන මෙහෙයුම් වල නිරත වුහ.

මේ අතර, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු බලසේනාධිපතිගේ අණදිම යටතේ එම රෙජිමේන්තුවට අයත් 12 වන හා 5 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ස්වාධීන වැඩපලේහි භට පිරිස් සබරගමුව, දකුණ සහ කොළඹ යන ප්‍රදේශයන්හි මෙම විපත සිදුවු දින සිටම මාර්ග හා හානියට පත් නිවාස පිළිසකර කිරීම, ජිවිත ආරක්ෂක සේවාවන්, ආපදා සේවාවන් සහ අනතුරට පත් වුවන් ගලවා ගැනීම සිදු කරනු ලැබීය.

එමෙන්ම ඉංජිනේරු භට පිරිස් පසුගිය දින 4 ක කාලය තුළ දී මාතර, අකුරැස්ස, බද්දේගම, තවලම, මාපලගම, කළුතර, කඩුවෙල, ඇහැලියගොඩ, නිවිතිගල, බඳුරලිය, තුම්මෝදර, අගලවත්ත, බලත්සිංහල, ගාල්ල සිට දෙනියාය මාර්ගය, මොරවක, කොටපොළ යන ප්‍රදේශයන්හි මාර්ග පිළිසකර කිරීම, ජල මාර්ග අලුත් වැඩියා කිරීම්, ගං ඉවුරු බිදිම් වැලක්විම, අවතැන් වු ජනතාව නැවත පදිංචි කිරීම වැනි සහන කටයුතු වල නිරත වුහ.

මේ අතර, බදදා (31) සන්ධ්‍යාවේන් අවසන්වන පසුගිය පැය 24 ක කාලය තුළ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හරහා පිසින ලද ආහාර පාර්සල් 46,000 ක්, වියළි සලාක කිලෝ ග්‍රෑම් 4,995 ක්, වතුර ලීටර 6,370 ක්, ඖෂධ වර්ග කිලෝ ග්‍රෑම් 1,200 ක් සහ නිදන මලු 27 ක් විපතට පත් වුවන් වෙත බෙදාහැර ඇති අතර, එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් මේ සඳහා ආහාර පාර්සල් 10,000 ක් සහ වතුර බෝතල් 1,500 ක් බෙදා දී ඇත.

[rns_reactions]