ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි

ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි
Spread the love

ජපානය ගතවූ මාස 3 තුළ තල්මසුන් 177 ක්‌ දඩයම් කර ඇත.
 
 මාස තුනක්‌ තිස්‌සේ ශාන්තිකර සාගරයේ වයඹදිග මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නැව් දෙකක්‌ මෙම තල්මසුන් අල්ලාගෙන තිබේ.
 
 ජපානය විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන් ගතවූ වසර කීපය තුළ තල්මසුන් විශාල සංඛ්‍යාවක්‌ අල්ලාගෙන ඇත. මෙම තල්මසුන්ගේ මස්‌ ජපානයේ අවන්හල් තුළ අලෙවි කෙරේ. ජපානයේ මේ ක්‍රියාව සත්ව අවිහිංසාවාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌ වී ඇත.
 
 මෙයට පෙර ගැබිනි තල්මසුන් රැසක්‌ මරා දැමූ බවට ජපානයට චෝදනා එල්ල විය. මේ අතර ජාත්‍යන්තර තල්මසුන් පිළිබඳ කොමිසම පැවසුවේ ජපානය නිශ්චිත ලෙස තල්මසුන් කොපමණ සංඛ්‍යාවක්‌ අල්ලා ගත්තේ ද යන්න ගැන විමර්ශනයක්‌ කරන බවයි.