නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.
බදු නිදහස් සීමාවක් ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් වන අතර මේ අනුව ඔවුන්ගේ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 15 ක් දක්‌වා බද්දෙන් නිදහස් වේ. එනම් මසකට රු. 125000 ක් දක්‌වා ඔවුන්ගේ පොලී ආදායමට බදු අය නොකෙරේ.
මේ අනුව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා බැංකුව ගෙවන පොලී ආදායම මත මේ සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගනු ලබන අතර ඊට අමතරව විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායමෙන්ද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කෙරෙනු ඇත. මෙය ඉදිරියේදී විදේශ සේවා නියුක්‌තිකයින් රටට විදේශ විනිමය එවීම අධෛර්යවත් වීමට හේතු වනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශ නියෝජිතයෝ සඳහන් කරති.

