ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී ඇත

ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී ඇත
Spread the love
ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ.
 තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්න මෙවර එහි තේමාව වන අතර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අද පැවැත් වේ.
1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය ප්‍රකාශයට පත් කර ඇත.