ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය
Spread the love
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09) දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙය ක්‍රියාත්මක බවයි. 
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යවරුන් බවත් ඔවුන් වර්ජනයේ නිරත වන්නේ නම් එහි සියලු කටයුතු අඩපන විය හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා නව අධ්‍යක්‍ෂවරයෙකු පත් කරන ලෙසත්, එසේ නොකළහොත් වැඩ වර්ජනය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබල අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.