ජාතියක් ජන්මයක් නැති නරුමයෝ පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ජල බේසම කඩා දමයි..

ජාතියක් ජන්මයක් නැති නරුමයෝ පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ජල බේසම කඩා දමයි..
Spread the love

පොළොන්නරුව පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ඇති පුරා විද්‍යා වටිනාකමක් සහිත ජල බේසමකට කිසියම් පිරිසක් හානි කර ඇතැයි වාර්තා වනවා.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අප වෙත කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව, පොළොන්නරුව පොලිසිය මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

මෙම පූජා භූමියේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ සංස්කෘතික අරමුදලේ නිලධාරීන්. කෙසේවෙතත් ඔවුන් සඳහන් කළේ පූජා භූමියේ ආරක්ෂාව භාර වන්නේ සිය අරමුදලට නොව පුරා විද්‍යා දෙපාර්කමේන්තුවට බවයි.