අත්අඩංගුවට ගත් උ.පො.ප. වරයා පසුව පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ප්‍රසිද්ධ ස්‌ථානයකට කසළ බැහැර කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව කුරුඳුවත්ත පොලිසිය කියා සිටියේය.
පොලිස් භූමියට හොරෙන් කසළ දමන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය කළ මෙහෙයුමකදී මෙම නිලධාරියා කොටුකර ගැනීමට හැකිවූ බව කුරුඳුවත්ත පොලිස් ස්‌ථානාධිපති සමන්තිලක වැලිවිට මහතා පවසූ අතර “කුරුඳුවත්ත පොලිසිය පිටුපස පොලිස් නිවාස 50 ක් තිබෙනවා. මේ අය කාලයක් තිස්‌සේ කුණු බැහැර කළේ කුරුඳුවත්ත පොලිසිය භූමියට.පොලිස් භූමියට කුණු නොදමන ලෙස පොලිසිය අවස්‌ථා කීපයකම මේ නිවාසවල පදිංචි පොලිස් නිලධාරීන් දැනුවත් කළා.ඒත් ඒ අය හොර රහසේ මේ වැඩේ දිගටම කරගෙන ගියා. දවසකට කුණු ට්‍රැක්‌ටර් දෙකක විතර ප්‍රමාණයක් පොලිසිය භූමියට මේ අය බැහැර කරනවා.මේක නතර කරන්න බැරි තැන අපි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. කසළ දමන පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට, ඇමැති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයාට මෙන්ම ඉහළ නිලධාරීන්ටද වාර්තාවක් ලබා දුන්නා.” යැයි එ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
