වසර හයක සිරදඬුවමකට ලක්ව මේ වන විට බන්ධනාගාර රෝහලේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
එම සංවිධානය මෙම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ ඤාණසාර හිමියන්ට ලබාදී ඇති දඬුවම කිසිසේත්ම සාධාරණ හා යුක්ති සහගත නොවන බැවින් ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් උන්වහන්සේ නිදහස් කරන ලෙසය.