සිර දඩුවම් නියමවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිර්දේශ කර තිබෙන ශල්‍යකර්මය අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබයි.
