‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘සුපිරි රහස් හෙළි කරයි’

‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘සුපිරි රහස් හෙළි කරයි’
Spread the love

ටයිගර් ෂ්රොෆ් යනු බොලිවුඩයේ වෙනමම අන්‍ය්‍යතාවක් ඇති සුපිරි තරුවක්. ඉතා ඉහළ අය කිරීමක් සහිත නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂ්රොෆ්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ඉන්දියාවේ කායවර්ධන මධ්‍යස්ථානවලට නැතිවම බැරි අංගයක්.

ටයිගර් ෂ්රොෆ්

ටයිගර් ෂ්රොෆ් සමඟ අප කළ එක් සංවාදයකදී සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මාධ්‍යවේදී තුෂාධර් මෙවැනි ඍජු ප්‍රශ්නයක් ෂ්රොෆ් වෙත යොමු කළේය.

‘ඔබ තමයි බොලිවුඩයේ ඉන්න කඩවසම්ම සිරුරක් හිමි නළුවා. ඔබේ උඩුකය නිරුවත් ඡායාරූප මුළු ඉන්දියාව පුරා ඇති කායවර්ධන මධ්‍යස්ථානවල තිබෙනවා. තරුණියන්ගේ නිදන කාමරවලත් තිබෙන බව අපි දැක තිබෙනවා. ඇත්තම කියන්න ඔබ කොහොමද කඩවසම් සිරුරක් හදා ගත්තේ ?‘

මදක් විමතියෙන් තුෂාධර් දෙස බලා සිටි ෂ්රොෆ් මෙහෙම කිව්වා.

“වයස අවුරුදු හතරේ සිට මම බෘෘස් ලීගේ රසිකයෙක්. ඒ නිසා මට ඔහු වගේ වෙන්න ඕන වුණා. මට ඔහුගේ සියලු ගුණාංග තිබීම අවශ්‍ය වුණා. මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න කියා කිසිවෙකු මට කීවේ නැහැ. ඒක මගේම සැබෑ වුවමනාවෙන්, කැප කිරීම නිසා ලබා ගත් දෙයක්”

ටයිගර් ෂ්රොෆ්

‘මම උදේට ජිම් එකට ගොස් ව්‍යායාම කරනවා. සවස් වරුවේ විකල්පයක් ලෙස මගේ සටන් කලාව, ජිම්නාස්ටික් හා නැටුම් අභාසවල යෙදෙනවා. මම යෝග කරන්නේ නැහැ.  මම ක්‍රීඩාවට කැමතියි. මම නළුවෙක් නොවන්නට නම් මම ක්‍රීඩකයෙක් වීමට ඉඩ තිබුණා ” ෂ්රොෆ් කිව්වා.

දැන් ඔබටත් තීරණයක් ගන්න පුළුවන් !

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි