රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය.
මෙම තීරණයත් සමඟ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට දරන උත්සාහයට බාධා එල්ල වනු ඇතැයි පැවසේ. රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂ ඡන්ද 98ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2ක් පමණි. විපක්ෂව ඡන්දය ලබා දී තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂ සෙනට් සභික රෑන්ඞ් පෝල් සහ ඩිමොක්රටික් පක්ෂය සමඟ කටයුතු කරන බර්නි සැන්ඩර්ස් පමණි.
පසුගිය වසරේ පැවැති ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම, යුක්රේනයේ ක්රිමියා අර්ධද්වීපය බලෙන් අත්පත් කරගැනීම සහ වසර හයක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු ආණ්ඩුවට සහාය දීම යන කරුණුවලට චෝදනා කරමින් ඇමෙරිකාව මෙලෙස රුසියාවට සම්බාධක පැනවීමට තීරණය කර තිබේ
[rns_reactions]