බාලවයස්‌කාර දැරියක් රවටා අපයෝජනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්‌ගම පොලිසිය පැවසීය.
පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ ස්‌ථානයක් වටලා සැකකාර තරුණයින් දෙදෙනා හා දැරිය අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කොස්‌ගම ප්‍රදේශයේ තරුණයකු තම, ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්‌ථාව සලසා දෙන බව පවසා අපයෝජනය කළ බවයි.
දැරිය දැනට අවිස්‌සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කොස්‌ගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ සෝමරත්න විජයමුණිගේ උපදෙස් පරිදි උ. පො. ප. ප්‍රේමානන්ද, කාන්තා පොලිස් කොස්‌තාපල් ශාමලී මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

