මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත කල පොසොන් පුර පසළොස්වක දිනය නිමිති කරගනිමින් ලංකාව පුරා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත් වෙනවා. ඒ අතරම රට වටා විවිධ ස්ථාවල දන්සැල්, තොරණ් ඉදිවෙද්දී ඉතාමත්ම අගය කල යුතු ක්‍රියාවක් සිදුකල තරුණයින් පිරිසකගේ තොරතුරු මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙලෙස වාර්තා වන්නේ අකුරැස්ස හොරගොඩ,ගොඩපිටිය වැනි ස්ථාන කිහිපයක පවත්වාගෙන යන ගව ඝාතකාගාර වල සිටි සියළු සතුන් බේරා ගැනීමේ උතුම් ක්‍රියාවක්. අමල් දිලීප නමැති තරුණයෙකු විසින් 2018.02.04 වන දින වසු පැටියෙකු මරණයෙන් බේරා මෙවර පොසොන් පොහොය නිමිත්තෙන්ද වසු පැටියෙකු බේරා ගැනීමට අදහස් කර තිබුණා. ඒ සඳහා ඔහුට බොහෝ පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් 226,000.00 පමණ පමණ මුදලක් ලැබීම නිසා අද පොසොන් පුරපසළොස්වක පොහොය දිනයේදී ගවඝාතකාගාර කිහිපයකම සිටි ගවයින් නිදහස් කර ගැනීමට මෙම තරුණයින් කටයුතු කර තිබෙනවා.
අද උදෑසන කාලයේදී අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ගව ඝාතකාගාරයක් වෙත මරන්නට රැගෙන ආ ගැබ්බර එළදෙනක් සහ පැටවුන් දෙදෙනකු බේරාගත් අතර එම සත්වයින් වාහනයක ලීසින් වාරිකය ගෙවා ගැනීමට නොහැකිව විකුණා දමා ඇති බවයි වාරතා වන්නේ.
උදව් කිරීමට සහ වෙනත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය අයෙක් වෙතොත් 0776466690 / 0719906690 අංකයන්ගෙන් මා අමතන්න.