ගාල්ල බටපොළ ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයකට හසුවීමෙන් බරපතළ ලෙස කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත. සැත්කමින් පසු මෙම පිඹුරා හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටියි.
තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇති අතර පිඹුරාගේ උදරයට ඉහළින් කැපුම් තුවාල තුනක් තිබූ බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි.
මෙම මස 08 වැනි දින පිඹුරා ගාල්ල වනජීවී කාර්යාලය මගින් හියාරේ සත්ව රෝහලට රැගෙනවිත් භාරදී තිබිණි. සත්ව රෝහල වනජීවී සංරක්‌ෂණ සංගමය මගින් පාලනය වන අතර බරපතළ කැපුම් තුවාල ලැබූ පිඹුරා පංශු වෛද්‍ය නිලධාරියකු ලවා සැත්කමකට භාජනය කිරීමට කටයුතු කරනු ලැබීය. පිඹුරාට විනාඩි 45 ක පමණ සැත්කමක් පංශු වෛද්‍ය නිලධාරිවරයා විසින් කළ බැව් වනජීවී සංරක්‌ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරි සිසිර ජයසිංහ මහතා පවසයි.
තණකොළ කපන මැෂිමට කැපුණු පිඹුරාට සැත්කමක්
