නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.
එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි.
එම කාන්තාව හුදෙකලා නිවසක තනිවම පදිංචිව සිට ඇති අතර මාස 03ක පමණ කාලයකින් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා නොපැමිණි නිසා අසල්වාසී ඥාතීන් පිරිසක් විසින් (14) පස්වරුවේ ඇය පදිංචිව සිටි නිවසට ගොස් සොයාබලා තිබේ.
එහි දී නිවස තුළ ඇඳ අසල තිබී ඇගේ ශරීරයේ ඇටකටු හා හිස දක්නට ලැබුණ බවට නෝටන්බ්‍රිජ් පොලීසියට පැමිණිළි කර තිබේ.
මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිහිටි පුත්‍රයා හා ස්වාමියා වසර කීපයකට පෙර මිය ගොස් ඇති අතර අනෙක් දරුවන් ඈත ප්‍රදේශවල පදිංචි ව සිටී.
ඇය වැඩිහිටි දීමණාව ලබා ගනිමින් තනිවම නිවසේ ජීවත් වෙමින් සිටි බව අසල්වාසීන් පවසයී.
මෙම මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබේ.

