තබ්බෝව ජලාශයේ ජලය හිටිහැටියේ අතුරුදහන් වෙලා

තබ්බෝව ජලාශයේ ජලය හිටිහැටියේ අතුරුදහන් වෙලා
Spread the love

පසුගිය වර්ෂා සමයේ ගොඩබිම් රැසක් ජලයෙන් යට කරමින් අක්කර අඩි 15.400 ක ජලය රඳවාගෙන සිට පෝෂණය වූ තබ්බෝව ජලාශයේ මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත. 

පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පෙන්වා දෙන්නේ සියල්ල උඩුයටිකුරු කරමින් මාස තුනක් ගතවීමටත් මත්තෙන් ජලාශයේ ජලමට්ටම අක්කර අඩි 7.000 දක්වා පහත වැටී ඇති බවයි.

මෙසේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීමට බලපා ඇති ප්‍රධාන හේතුව ප්‍රදේශයේ පවතින අධික උණුසුම් තත්ත්වය සහ සුළං තත්ත්වය නිසා ජලය වේගයෙන් වාෂ්පීකරණයට ලක්වීම බවයි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාර්මාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පවසයි.

කුඹුරුවලට ජලය මුදා හැරීම නිසා දැනට පවතින ජල මට්ටමද ආරක්ෂා කර ගත නොහැකි බවද සඳහන් කල අතර තබ්බෝව පැරකුම් ගොවි සංවිධානයේ සභාපති සම්පත් චන්දන සඳහන් කළේ කුඹුරු කටයුතු වලට අමතරව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව යටතේ පවතින ජල ව්‍යාපෘතියට දිනකට ජලය ලීටර ලක්ෂ තුනක් පමණ මින් ලබා ගන්නා බවයි. තවද බවුසර් පැමිණ දිනකට ජලය ලීටර් ලක්ෂ දෙකක් පමණ ලබා ගන්නා බවත් සඳහන් කරන ලදී.