තම නිවුන් නැගණියගේ වෙස්ගෙන සැමියාගේ මිතුරකු සමගත් කම්සැප විදපු තරුණියගේ කතාව

තම නිවුන් නැගණියගේ වෙස්ගෙන සැමියාගේ මිතුරකු සමගත් කම්සැප විදපු තරුණියගේ කතාව
Spread the love

ඇතැම් වංචා පිලිබදව වාර්තා වෙන සිදුවීම් පිලිබදව විමසීමේදී චිත්‍රපටවලවත් නොමැති අකාරයේ සුක්ෂම වංචා සිදු කරන පුද්ගලයින් පිලිබදව විමතිය දනවන සිදුවීම් වාර්තා වේ.

මෙවැනි අති සුක්ෂම වංචාවක් සිදුකල කාන්තාවක් පිලිබදව පසුගයි දා වාර්තා උනා. තම ඇවැස්ස මස්සිනා සමඟින් නීත්‍යනුකූලව විවාහ වී සිටි කාන්තාවක් තමා හා සමාන නිවුන් නැඟණියගේ ලිපි ලේඛන ඉදිරිපත් කර සැමියාගේ මිතුරකු සමඟ විවාහ වී මුදල් වංචාවක් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාවතගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තැනැත්තිය මාවතගම, පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන තම ඇවැස්ස මස්සිනා සමඟ මීට වසර හයකට පමණ ඉහතදී විවාහ වී තිබෙන බවයි සදහන් වෙන්නේ. තම සැමියා සමඟ වන්දනා ගමනක් ගොස් ඇති අවස්ථාවකදී සැමියා සේවයේ නිරතව සිටි නාවික හමුදා කඳවුරේ සේවය කරන ඔහුගේ මිතුරකු දැන හඳුනාගෙන ඔහුට දුරකථන අංකය ලබාදී ඔහු සමඟ සම්බන්ධතාවක් පවන්ගෙන ගොස් තිබෙනවා.

ඉන්පසුව එම තැනැත්තියගේ නැඟණියගේ නමින් පසුව හඳුනාගත් සැමියාගේ මිතුරාද සමඟ විවාහ වී ඇති අතර මෙම පුද්ගලයන් දෙදෙනාම නිවාඩු ලබා පැමිණෙන විට වරින් වර ඔවුන්ගේ නිවෙස්වල ඔවුන් සමඟ කාලය ගත කර තිබෙනවා. මෙලෙස ඔවුන් සමඟ අඹු සැමියන් ලෙස කාලය ගත කරන අතරතුර ඔවුන් දෙදෙනා සතු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමටද ඇය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පළමු සැමියාගේ පවුලේ අය ඇයගේ හැසිරීම පිළිබදව විමසිල්ලෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ඇය පොලිසිය වෙත හසුකර දීමට සමත්ව තිබෙන අතර මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සඳසිරී මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්. ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.