තම බලය පෙන්වමින් ඉන්දියාවේ කෙල්ලව දුෂණය කල ලංකාවේ විධායක නිලධාරීයා අත්අඩංගුවට..

තම බලය පෙන්වමින් ඉන්දියාවේ කෙල්ලව දුෂණය කල ලංකාවේ විධායක නිලධාරීයා අත්අඩංගුවට..
Spread the love

ඉන්දියාවේ විශාකාපට්නම් හි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළා යැයි කියන චෝදනා යටතේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් ලාංකික සැකකරුවා වනුයේ එම්.ශ්‍යාම් සුන්දර් නැමැති තිස් හැවිරිදි පුද්ගලයෙක්. මොහු විශාකාපට්නම් හි පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරියකු වශයෙන් සේවය කරන්නෙක් බවත් එම වාර්තා සඳහන් කරනවා. අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙක්.

මොවුන් අතින් ලිංගික අතවරයට සහ හිංසාවට පත්ව ඇත්තේ විශාකාපට්නම් හි මල්කාපුරම් ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. 

ඉන්දීය ජාතිකයා විසින් තමන්ට නිරන්තරයෙන් ලිංගික අතරවර කළ බවත්, ඉන්පසුව ලාංකික විධායක නිලධාරියා විසින් ඉකුත් ජනවාරි මාසයේදී තමන්ට හිංසාවන් සිදු කළ බවද එම කාන්තාව විසින් ගොනු කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වන බවයි වාර්තා වෙන්නේ.