රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සිදුවූ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කර සිටි නාවික හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ දෛනික රාජකාරි සටහන් ලේඛන නාවික හමුදා භාරයේ නොමැති බව නාවික හමුදාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (29 ) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරගේ මහතාට දැනුම් දුන්නේය.
වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඉතා වැදගත් ලේඛනයක් වන එම දෛනික රාජකාරි සටහන් ලබාදෙන ලෙසට අධිකරණය විසින් කරන ලද නියෝගයට පිළිතුරු ලෙස නාවික හමුදාපතිවරයා පසුගිය 8 වැනිදා ඒ බව දන්වා ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය විසින් ඉදිරිපත් කළ යම්කිසි සුවිශේෂී තැනැත්තියකගේ වෛද්‍ය වාර්තා දෙකක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
එම සුවිශේෂී තැනැත්තිය එම නඩුවේ සාක්‍ෂිකාරියක විය හැකි බැවින් ඇගේ අනන්‍යතාවය කිසිවකුට අනාවරණය නොවන පරිදි එම වෛද්‍ය වාර්තා ආරක්‍ෂිතව තබනා ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම වෛද්‍ය වාර්තා සුරක්‍ෂිතව අධිකරණ නඩු ලේඛන සේප්පුවේ තැන්පත් කර තබනා ලෙසට නියෝග කළේය.
එම නඩුව ලබන සැප්තැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.
තාජුඩීන් ඝාතන සමයේ මහින්දගේ සහ පවුලේ අයට ආරක්‍ෂාව දුන් නාවික නිලධාරීන්ගේ රාජකාරි ලේඛන නාවික හමුදා භාරයේ නැහැ
