ගෙවීගිය කාලය බදු ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල 150% ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මේ අනුව මාර්තු 26 වැනිදා සිට දැනට දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40ක මුදල රුපියල් 50ක් බවට පත් කරීමට සිදුවන බවත් ඒ අනුව ත්‍රිරෝද රථ මගීන්ට ලැබී තිබූ එකම සහනය අහෝසි වී යන බවත්, එදින සිට පළමු කිලෝමීටරයේ සිට ගමනාන්තය දක්වා වූ සියලුම කිලෝමීටර්වලට රුපියල් 50 බැගින් අයකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.