තෙල් කුමාරට වෙඩි තියයි

තෙල් කුමාරට වෙඩි තියයි
Spread the love
අද (11) අලුයම 6.00ට පමණ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සිරිමාපුර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති අතර තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අදාළ ප්‍රදේශයේම පදිංචි හෙන්දා විතාරණ සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නැමැති අය වන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණව වී නොමැත.