තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු 5කින් මෙහා විසඳන්න බැරිලු

තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු 5කින් මෙහා විසඳන්න බැරිලු
Spread the love
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙනයන නළයක් පුපුරායාමෙන් මුහුදු ජලයට මිශ‍්‍ර වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු 
මේ වනවිට අවසන් කර තිබෙනවා. කෙසේවෙතත් උස්වැටකෙයියාව අවට වෙරළ තීරය පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට තවත් වසර 5 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ.