තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු රුසියාව විසින් අප රටට පනවා තිබූ තේ තහනම දෙසැම්බර් 30 වැනිදාට පසු ඉවත් කරන්නට කටයුතු කිරීමට එකඟ වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටී.
ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර ඇති තේ කොළ සහිත කන්ටේනර් බහාලූම් ලබන 30 වැනිදායින් පසු රුසියාව වෙත යැවීමට අදාළ බළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.