දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු වැරැදිවලදී “නින්දයැම” නිදහසට කරුණක් ලෙස පැවසීමට රියෑදුරන් පුරුදු වී සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිදුවී ඇති රිය අනතුරුවලින් සියයට 65 ක්‌ම නින්දයැම නිසා සිදුවී ඇති බවට එම අධිකාරිය පෙන්වා දෙයි.
පසුගිය වසරේ (2016) මේ මාර්ගයේ සිදුවී ඇති සමස්‌ත අනතුරු සංඛ්‍යාවෙන් සියයට 16 ක්‌ම “නින්දයැම” නිසා සිදුවූ ඒවා බවට නිගමනය කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.
රථ ධාවනයේ දී නින්දයැම නිදහසට කරුණක් නොවන අතර නිදිමත හෝ තෙහෙට්‌ටු ගතියක් ඇත්නම් මාර්ගයට අවතීර්ණ නොවිය යුතු බවට රියෑදුරන්ට අවවාද කරන බවද අධිවේගීA මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක මහතා පැවසීය.
[rns_reactions]