දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පසුගිය මාසයක කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ දරුවන්ට නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර එම දරුවන්ට උණ සහ ශ්වසනාබාධ ලක්ෂණද දක්නට ලැබුණි. මෙහිදී කරන ලද රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනා මේ වන විට මියගොස් ඇත.පවතින තත්ත්වය අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.රෝගීන් කළමනාකාරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර පැතිර යාම වැළැක්වීමටද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර ශ්වසනාබාධ සහිත රොගීන් වෙනත් ස්ථානවල රඳවා ප්‍රතිකාර කරනු ලබයි.
එමෙන්ම මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා සිටින ලෙසත් දෑත් සබන් දා සෝදා පිරිසිදුව තබාගන්නා ලෙස ජනාකිර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. තවද අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි. වයස අවුරුදු 2ට අඩු දරුවන් ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටියන් ඉහළ අවධානමක් සහිත පිරිස් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.

