ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දරුවන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන පහක් පමණ වැයවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර තැලසීමියා රෝගීන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීම මහනුවර රෝහලේදී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
බණ්ඩාරගම, ගෝනදූව ග්‍රාමීය රෝහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ ය.
[rns_reactions]