මහනුවර වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දොaලි පෙරහැරට සහභාගි වෙමින් සිය පින්බර කාර්යභාරය නිමා කළ නැඳුන්ගමුවේ රාජා ඇතා ඊයේ (28 ) පෙරවරුවේ දළදා සමිඳුන්ට නමස්‌කාර කිරීමෙන් පසුව යුද හමුදා ආරක්‍ෂාව ඇතිව පෙරළා ගම්පහ හාම්පුතු කරා ගමන් ආරම්භ කළේය.
නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්වීම සහ මහනුවරින් ගමන් ආරම්භ කරන අයුරු දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
නැඳුන්ගමුවේ රාජා ඇතාට සුබ පැතීමට එක්‌වූ පිරිස් අතර දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාද විය.
දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි
