ඔක්තෝබර් මස 10 වැනි දින (රාත්‍රී 11.00 වන විට) දිවුලපිටිය පොකුර ආශ්රිත ආසාදිතයින් 103 දෙනකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී 11.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02ක් සහ ආශ්‍රිතයින් 101ක් ඊයේ ආසාදිතයින් ලෙස හදුනා ගත් බවයි. මේ අනුව දිවුලපිටිය පොකුර ආශ්රිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1186ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

