දීර්ඝායුෂ අවශ්‍ය නම් වැඩි වැඩියෙන් දරුවන් හදන්න

දීර්ඝායුෂ අවශ්‍ය නම් වැඩි වැඩියෙන් දරුවන් හදන්න
Spread the love

දරුවන් නැති පුද්ගලයන්ට වඩා අවම වශයෙන් එක් දරුවෙකු හෝ සිටින පුද්ගලයන්ගේ ජීවිත අවදානම අඩු බවයි පර්යේෂකයන් පවසන්නේ. දරුවන් ඇති ස්ත්‍රීන් සහ පුරුෂයන් වැඩි කාලයක් ජීවත්වන බව පුද්ගලයන් පහළොස් ලක්ෂයක නියැදියක් පදනම් කොටගෙන ස්වීඩනයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.

1911 සිට 1925 දක්වා කාලය තුළ ඉපැදුණු කාන්තාවන් සහ පිරිමින්ගේ ආයු කාලය පිළිබඳව සමීක්ෂණයක යෙදුණු විද්‍යාඥයන් පවසන ආකාරයට දරුවන් නැති පුද්ගලයන්ට වඩා අවම වශයෙන් එක් දරුවෙකු හෝ සිටින පුද්ගලයන්ගේ ජීවිත අවදානම අඩුවේ.

වයස අවුරුදු හැටක් වූ පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලයේ පරතරය පිරිමින් සඳහා වසර දෙකකට ආසන්න වන අතර කාන්තාවන් සඳහා වසර එක හමාරක කාලයක් වන බවද මෙම අධ්‍යයනයෙන් හෙළිවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ දෙමව්පියන් වයස්ගතවනවිට සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දරුවන්ගෙන් සහයෝගය ලබන බවය.