මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට සමාදාන විනිශ්චයකාර තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මහාචාර්ය ජයවර්ධන එම්. පී. අත්තනායක නමින් පෙනී සිටින මොහු වහල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැත්තකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇති අතර මෙම ව්‍යාජ මහාචාර්යවරයා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී ඔහු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති බවත් ඊයේ (6 දා) වන විටත් පාසලෙන් අස්වීම් සහතිකය පවා ලබාගෙන නැති බවත් හෙළිවී ඇත.
මොහු ඇහැලියගොඩ පොලිසිය මගින් පැවරූ නඩු තුනකට වැරදිකරු වී සිරදඬුවම් ලැබූ අයකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුව ඇතුළත් අයකු බව තහවුරුවී ඇති අතර සාමවිනිසුරු ධූරය ලබාගෙන ඇත්තේද වත්මන් ආණ්ඩුව යටතේ සිටි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකුගෙන් බවද අනාවරණය වී තිබේ.
