දෙමාපියන් හූරාකන ටියුෂන් ගුරුවරු

දෙමාපියන් හූරාකන ටියුෂන් ගුරුවරු
Spread the love

නුගේගොඩ සහ ඒ අවට ටියුෂන් පන්ති පවත්වාගෙන යන පෞද්ගලික ආයතන බොහොමයක්‌ 2020 අ. පො.ස. (උ.පෙළ) විද්‍යා, ගණිත. පන්ති වෙනුවෙන් මාසිකව අය කරන ගාස්‌තු වැඩි කිරීම හේතුවෙන් දෙමාපියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිති. දැනට න්‍යාය පන්ති වෙනුවෙන් මෙසේ රු. 300, 400 කින් පමණ වැඩි වීමක්‌ දැකිය හැකි අතර ඉදිරියේදී පුනරීක්‌ෂණ පන්ති වෙනුවෙන් ද මේ වැඩිවීම සිදුවුවහොත් විෂයයන් තුනටම අදාළව ගත් කල විශාල මුදලක්‌ ඔවුන්ට දැරීමට සිදුවන බව ප්‍රකාශ කළහ. ඇතැම් ටියුෂන් පන්ති පවත්වන ආයතන ලබා ගන්නා මුදල මිස දරුවන්ගේ පහසුකම් ගැන අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌ බවද ඔවුහු අවධාරණය කළහ. 
 
 සමහර මාසවලදී ඇතැම් දරුවන්ට දින දෙකක්‌ හෝ තුනක්‌ ඒමට නොහැකිවූ විට ඉතිරි මාසයේ දින දෙක හෝ එක වෙනුවෙන් මුළු මාසයේම ගාස්‌තු ගෙවීමට ද ඇතැම් ටියුෂන් ආයතන ක්‍රියා කරන බව ඔවුහු අවධාරණය කළහ. අඩක්‌ ගෙවා පන්තිවලට යැමේ ඉඩ කඩ අසුරා ඇති අතර මුළු මාසයේම මුදල අය කිරීම අසාධාරණ බවද ඔවුහු පෙන්වා දුන්හ.

-කුලවර්ධන ලේකම්ගේ